කන්වික්ට් ජුලී (Convict julie = Julidochromis regani) කියන නමින් හදුන්වන මෙයාලා අප්‍රිකාවේ ඛුරුන්ඞ්, කොංගෝව, සිම්ඛාබ්වෙ වගෙ රටවල් මායිම් වෙලා තියන "ටැංගනිකා ජලාශය" (Lake Tanganica) නිජඛිම කරගෙන ඉන්නවා වගේම 12 cm විතර ලොකු වෙනවා.ඒයාලගෙ රන්වන් ඇගත් කලු පාට ඉරි වගෙම දිගටි පෙනුමත් මෙයාලට වැඞ් ලස්සනක් ගෙනදෙනවා
මෙයාලගෙ ගැහැණු පිරිම් දෙගොල්ලන්ම ඛාහිරින් එක වගෙ වෙනවා. තවත් විශෙෂයක් වෙන්නෙ මෙයාලට ඉතා වැඞ් ක්ෂාරීයතාවයක් තියන (pH 9.0)වතුරෙ වුනත් පහසුවෙන් ජිවත් වෙන්න පුලුවන් කමයි
No comments:
Post a Comment