Saturday, December 31, 2011

සීබ්‍රා මසුන් අභිජනනය (Zebra fish breeding)


රංචුවක් විදිහට ජිවත් වෙන මෙ ලස්සන මාලුවන් බෝ කරන එක නම් ඒතරම් අමාරු දෙයක නෙමෙයි කියන එකනම් ඔයාලට සතුටට දෙයක් නේද?? ඊට හේතව තමයි මෙයාලා ඉතා කර්කශ පරිසර තත්වයකට මෙයාලා ඔරොත්තු දෙන නිසයි. 




මේ අයගේ මවු සත්තු තෝරා ගන්නකොට 5cm පමන ප්‍රමානයේ මාලුවන් තෝරා ගන්න පුලුවන්නම් අපිට සාර්තක ප්‍රතිපල ගන්න පුලුවන්. අපි තෝරා ගත්ත මලුවන්ට සති තුනක් විතර යනතුරු ඒ කියන්නේ අපි මෙයාලගෙන් බිත්තර ගන්නකල් අපිට පුලුවන් කමක් තියනවානම් ලේ පණුවන් නැත්නම් ආමිටියා දවසේ ඒක වේලකට හරි දෙන්න ඒක ගොඩක් ලොකු හේතුවක් වෙනවා වැඩි බිත්තර ප්‍රමානයක් ගන්න.සති 2 - 3 ක් යනකොට ඔයාලටම බලාගන්න පුලුවන් ගැහැණු මාලුවගේ ඩිම්බ මේරිම නිසා  උදරය ලොකු වෙනවා. ඒ සලකුණෙන් ඔයාලට  පුලුවන් මේ මාලුවන් බිත්තර ලබා ගැනිමට සදුසු තත්වයේ ඉන්නචද කියන එක දැන ගන්න.
 මේ මාලුවන් අභිජනනයේදි අපිට 50 l විතර සිමෙන්ති නැත්නම් වීදුරු ටැංකියක් පාවිච්චි කරන්න පුලුවන්. ඒ තෝරාගත්ත ටැංකියට විතර උසට තිරිවාන  හෝ හුනු ගල් අනිවාරයෙන්ම  අතුරන්න ඔන වෙනවා.ඒ වගේම මේ ටැංකියේ බාගයක් විතර වතුර පුරවන්න ඔන වෙනවා. අපි තෝර ගත්ත ටැංකිය වඩා ලොකු නම් අභිජනනයට මාලු රංචුවක් වුනත් දමන්න පුලුවන්. මේ සතුන් දමන අනුපාතය තමයි ගැහැණු 2  ට පරිමි 1 ක්. මේ අනපාතය මට සාර්තක ප්‍රතිපල ගෙනාපු නිසයි මම ඒ අනුපාතය හොඳයි කියලා ඔයාලටත් කියන්නේ. දැන් ඔයාලා සුදානම් කල ටැංකියේ කල් ගෙවන මේ මාලු රන්චුව දින දෙක තුනකින් බිත්තර දැමීමේ කාර්‍ය පටන් ගන්නවා. දැන් මේ විස්තරය කියවන ඔයාලට හිතෙනවා ගැහැනු සතුන් ඔක්කොම එකම වෙලාවක් ඇතුලත බිත්තර දමනවා කියන කතාවනම් මට වැරදිමක් කියලා, ඇත්තම කතාව ඒක නම් නෙමෙයි. එකෙකු බිත්තර දැමීම නිසා උත්තේජනය වන අනෙත් ගැහැණු සතුන්ද බිත්තර දැමිම පටන් ගන්නවා. ඒ විදිහට දමපු බිත්තර මතට පිරිමි මසුන් ශුක්‍රාණු වැගිරවිම නිසා ඒවා සංසේචනය වෙනවා. බිත්තර දැමීම අවසන් වෙලා කියලා අපිට  හැගෙන විට නැත්නම් මසුන් ටැංකියට දමා දින 5 - 6 න් පමන එම මවු සතුන් ටික වෙනම ටැංකියකට මාරු කරන්න.  ඒත් එක්කම මේ බිත්තර දැමු ටැංකියට ඇක්‍රිෆ්ලේවින් ටිකක් හරි වෙන ඔබ හෙඳින් දන්නා දිලීරනාශකයකින් (මීට පෙර ඔබ පාවිච්චි කර ඇති) බින්දු කිහිපයක් දමන්න. මතක තියා ගන්න මේක ඉතා වැදගත් දෙයක් එහම නොවුනොත් බිත්තර සියල්ල නරක්වෙන්න පුලුවන්. ඊට පස්සේ ඒ ටැංකිය වාතනය කරන්න දින 10 න් පමන ඔබට සීබ්‍රා පැටවුන් බලාගන්න පුලුවන්. දැන් ඔයාලට හිතෙනවාද ඇයි අපි ටැංකිය පතුලට තිරිවාන ඇතුරුවෙ කියලා. එහම නොවුනනම් මේ බිත්තර ඔක්කොම වගේ ඒ මාලුවන්ම කා දමනවා. ඒ ගල් තිබුන නිසා ඒ ගල් අස්සට බිත්තර යන නිසාත් ඒවා පරිස්සම් වෙනවා. 

ඒ පැටවුන් දවස් දෙක තුනකින් පිහිනන්න  පටන් ගන්නවා එතකොට ඔයාලට තියෙන්නේ ටැංකියේ වතුර මට්ටම ටික ටික ඉහල දමන්න, අගල් 8ක් 10ක් විතර. ඒ වෙනකොට ඔයාලට පුලුවන්නම් ටැංකියේ වතුර වලින් දවසකට 10 - 15% විතර මාරු කරන්න ඒක ගොඩක් හොඳයි. පිහිනන්න පටන් අරගෙන දවස් 5 න් පමන පසු  අමිටියා කෑමට දෙන්න පුලුවන් මේ පැටවුන්ට වයස මාසයක් විතර වෙනකොට සාමාන්‍ය ආහාර (ප්‍රීමා නො 1 වගේ) කෑමට දෙන්න පුලුවන්. මත්ස්‍ය ගහනය අඩු කිරිමෙන් වගේම සම ප්‍රමානයේ පැටවුන් වෙන් කිරිමෙන් ඔයාලට ඉක්මනින්ම මේ පැටවුන් ලොකු කරගන්න පුලුවන්.





Friday, December 30, 2011

එච්නෝඩොරස් ෂූලෙටෙරි (Echinodorus schlueteri)




මේ ගස් ජාතියත් ඇමරිකාවෙන් ආනයනය කරන විශෙෂයක්. උපරිම අඩි 1 අගල් 4 විතර උස යන මේ ගස් වල පත්‍රයක පළල සෙ.මි 15 - 22, උස සෙ.මි 15 - 28 වෙනවා වගේම මේ වර්ගය  Alismataceae කියන කුලයට තමා අයති වෙන්නේ. ඒ වගේම ඩිස්කස් මාලුවන් බෝ කරන අය අතර ගොඩක් ජනප්‍රිය ගස් වර්ගයක් කියලා කියන්නත් පුලුවන් මේ ගස් වර්ගය. සෙ.අංශක 20 - 28 ක විතර උෂ්නත්වයක් හා pH 6 - 8  අතර වතුරත් මද ආලෝකයත් දෙන්න ඔයාලට පුලුවන්නම් ඉතා හොඳින් මේ ගස් වර්ගය වවා ගන්න පුලුවන්.


කැබොම්බා (Cabomba)







ඇමරිකාව නිජබිම කරගන වතුරේ හැදුන ගස් ජාතියක් තමා මේ කැබොම්බා කියන්නේ, Cabombaceae කියන කුලයට තමයි මේ ගස් වර්ගය අයිති වෙන්නේ. හීනි කූරු වගේ පොඩි පොඩි පත්‍ර (කො) අවානක හැඩයට එකතු වෙලා වගේම  පත්‍ර පඩි පෙලක් විදිහට පිහිටලා තමා මේ ගහ නිර්මානය වෙලා තියෙන්නේ. සාමාන්‍ය පරිසරයේදී මේ වර්ගයේ ගහක් අඩි 1 අගල් 8 විතර උස යනවා. හිරු එළිය භොඳින් අවශය කරන මේ ගස් වර්ගයේ මම දකින එකම දුර්වල කම තමයි මේ ගස් ඉක්මනින් කැඩි යාම. අද වෙලඳපලේ මෙම වර්ගය් පැලයක් රුපියල්40 -75 ත් අතර මුදලකට ඔබට මිලදි ගන්න පුලුවන්.

Wednesday, December 28, 2011

ඞිස්කස් අභිජනනය (Discus breeding)

අනෙත් මාලුවන් වාගේ නම් නෙවෙයිමේ වැඞේ නම් ටිකක් වි තර අමාරුයි, ඒ වුනාට මහන්සි වුනොත් ඒ තරම්ම අමාරු වෙන එකකුත් නෑ.. අමාරුද නැත්ද කියන එක අපි කරලම බලමුකෝ නේද??

අපි පලමුවෙන්ම තරන්න ඔන වෙන්නේ අභිජනනය කරන්න හොඳ ඞිස්කස් යුවලක් තෝරා ගන්න එක, ඔයාලා දන්නවද මේ වර්ගයේ අය තමන්ගේ තරුණ වයසෙදි තමන්ට ගැලපෙන  සහකාරියක් සහකරුවෙක් තමන් විසින් තෝරා ගන්නවා. අපිට අභිජනනය සඳහා යුවලක් තෝරා ගැනිම නම් විදි දෙකකට කරන්න පුලුවන් 
  1. වැඩුනු යුවලක් වෙළඳපලෙන් මිලදී ගැනිම.
  2. පැටවුන් 15, 20 පමන මිලදිගන හොඳින් වැඩෙන්නට සලස්වා යුවලක් තෝරා ගැනිම.
මගේ අදහසනම් මේ දෙවැනි ක්‍රමය හොඳයි කියලා, මොකද එතකොට ඔයාලට ඩ්ස්කස් මාලුවන් ගැන දැනුම වගේම අත්දැකීමකුත් ලැබෙනවනේ. ඒ වුනත් යන කාලයනම් වැඩී තමා. ඔයාලා පලමු ක්‍රමයට මිලදි ගන්නවානම් වැඩි මුදලක් (අද වෙළඳපලේ ඩිස්කස් යුවලක වටිනාකම රුපියල් 4 000 ත් 9 000ත්අතර) වෙනවා වගේම අවදානමක් ගන්නත් වෙනවා. අවදානම තමයි ඒ මාලුවන් නියම යුවලක් නොවෙන්න වගේම හොඳ ශරීර සෞබ්‍ය මට්ටමක නොයින්නත් පුලුවන්. කොහොම වුනත් තීරනය ඔයාලගෙ අතේ තමා තියෙන්නේ.

මීළගට අපි අභිජනනය කරන්න සුදුසු ටැංකියක් හදා ගන්න වෙනවා, ඒ කයන්නේ විශේෂ ටැංකියක්. මේ සඳහා 30 x 24 x 20 (දිග x පළල x උස) ප්‍රමානයේ ටැංකියක අගල් 18 වත් (අවම) වතුර කියෙන්න ඕන වෙනවා. 



අපිට පුලුවන් කමක් තියනවානම මේ ටැංකියට ජෛච පෙරභනයක් (bio filter) සවි කරන්න පුලුවන්නම් හොඳ ප්‍රතිපල ලබා ගන්න පුලුවන් (ඉදිරි ලිපි තුලින් මම ඔයාලට filter වර්ග ගැන කියන්නම්)




තවත් මේ ටැංකියට ඇමේසන් ස්වෝඩ් නැත්නම් කෙකටිය  වාගේ ගස් 2, 3 ක් දමන්න පුලුවන් කම තියනවානම් ගොඩක් හොඳයි. බිත්තර ඇලවීමට ස්ලේට්  (අගල් 8 ක් විතර උස අගල් 4 ක් විතර පලල එස්ලෝන් වැහිපීලි කෑල්ලක් භරි සිවිලින් ශීට් කෑල්ලක්) ටැංකියේ එක බිත්තියක අංශක 30 විතර ඇලයට තියන්න. අභිජනන කරුවන් අතර අදහසක් තියනවා මේ ස්ලේට් එක වෙනුවට මැටි මල් බදුනක් පාවිච්චි කරනවානම් සාර්තක ප්‍රතිපල ගන්න පුලුවන් කියලා. ඒක ඔයාලම අත්හදා බලන්නකෝ. 






තවත් දෙයක් ජෛච පෙරභනයක් (bio filter) තිබුනත් අමතර වායු කළඹනයක් අත්‍යවශය වෙනවා ඒ මසුනගේ අභිජනන කාර්යට ඒමගින පෙළඹවීමක් කරන නිසා.


දැන් ඔයාලා අභිජනනයට  තෝරා ගත්ත මාලු ජෝඩුව අපි තෝරාගත්ත ටැංකියට දාලා වැඩිපුර ජිවී ආහාර දෙමින් පවත්වාගෙන යන්න, ඒ වගේම හොඳ අවදානයෙන් ඉන්න, ටික දවසකින් ඔයාලටම බලාගන්න පුලුවන් ඒයාලගේ හිස ඉහල කොටසත් වලිගය අග කොටසත් තද පාටක් වෙනපාටක් වෙන හැටි. ඒ වගේම  මාලුවාගේ පසුපස වරල නැතනම් පෞච්ච වරල සදෙපසට සැලිමත් ගැහැනු මාලුවගේ බඩවත රවුන් විමත්. ඒ සලකුණ නම් සතුටුදායක ආරංචියක් ඒ කියන්නේ  එයාලා බිත්තර දමන කාලය අත ළග කියන එකම තමයි. මතක තියා ගන්න මේ කාලයේ ටැංකියේ වතුර වලින්15% විතර දිනපතා මාරු  කරන්න. ඒ වගේම මෙම කාලයේ ටැංකියේ වතුර උෂ්නත්වය පැරන්හයිට් අංශක 76 ක තබා ගන්න උතසහ කරන්න. (දිනපතා ඔබට පැරන්හයිට් අංශක 1 බැගින ඉහල දමන්න ඔබගේ ප්‍රතිපල ඉතා සාර්තක වනු ඇත) දින 5, 6 න් ඔයාලට සාර්තක ප්‍රතිපල බලා ගන්න පුලුවන්. සමහර වෙලාවන් වල මවුමසුන් තම බිත්තර කාදමනවා ඊට හේතුව වෙන්නේ බිත්තර පුස් ඇල්ලීම හෝ බාහිර බලපැමක් (මසුන් බය වීමක්) වෙන්න පුලුවන්.


බිත්තර අලවා පැය 48 ත් 72 ත් අතර කාලයකදි නිසි උශ්නත්වය ඇත්නම් (පැරන්හයිට් අංශක 78 ත් 86 ත් අතර) දින කිහිපයකින් පැටවුන් පිහිනන්න පටන් ගන්නවා. පැටවුන් පිහිනන කාලයේදි මවු මසුන්ගේ සිරුර දෙපැත්තේ ඒල්ලි භම මත නිපදවෙන ද්‍රව්‍යක් කෑම විදිහට ගන්නවා.






මේ කාලයේ පැටවුන්ගෙන් මවු මසුන් වෙන් කිරිමනම් කරන්න එපා, එහෙම වුනොත් පැටවුන් මැරෙන්න පුලුවන්. පිභිනන්න පටන් අරන් දවස් 10 - 12 න් පස්සේ පැටවුන්ට ආමිටියා (brine shrimp) දෙන්න පුලුවන්. පැටවුන් ටැංකියෙන් ඉවත් කරනවානම් ඉපදි සති 6  ක් වත් යනකල් ඉන්න එක තමා හොඳ...





Tuesday, December 27, 2011

රම් නෝස් ටෙට්‍රාස් (Rummy nose tetras)



තවත් ටෙට්‍රා පවුලේ ජනප්‍රිය සමාජිකයෙක් තමා මේ රම් නෝස් ටෙට්‍රා (Rummy nose tetras = Hemigrammus rhodostomusකියලා කියන්නේ තවත් විදිහකට කියනවනම් ෆයර්හෙඞ් ටෙට්‍රා (Firehead tetras) කියන්නේ, කොහොම වුනත් මෙයාලගේ නිජබිම කියලා කියන්නේ ඇමරිකානු තලාපයේ උතුරු කොටසේ  තියන රටවල් කිහිපයත් තමයි.

වැඞුන සතෙක් 5cm විතර ලොකු වෙනවා වගේම ඇග රිඳි පාටත් ගන්නවා වග්ම සමහර වෙලාවට ඒ මත කොල පාටින් තිත් තියෙන්නත් පුලුවන්. කොහොම වුනත් අනිවාරයෙනම මෙයාලගේ හිසේ ඉදිරිපස රතු පාටක් ගන්නවා. මේ මාලුවන්ගේ ගැහැනු පිරිමි දෙවර්ගයම බාහිරින් එක චගෙ වෙනවා. මෙයාලා කාබනික සංයෝග දියවි තියන ආම්ලික වතුරේ (Black water) ජිවත් වෙන නිසා  මේ මාලුවන් ඇති කරන්නන්ට ඉතාමත් පහසුවෙන් රැක බලාගන්න පුලුවන් කියන එකනම් ඔයාලට සතුට ගෙන එන ආරංචියක් කියන ඒක මම දන්නවා.



Saturday, December 24, 2011

සයිෆොතිලාපියා (Cyphotilapia)




ලෝකයේ වැඞ්ම වර්ග ගණනකට උරුම කම් කියන සික්ලිඞ් කියන වර්ගයට තමා මෙයාලා අයිති වෙන්නෙ, තවත් ව්දිහකට කියනවානම් අපි කවුරුත් දන්න "තෙප්පලි" එහෙමත් "නැත්නම්"  තිලාපියා කියන කෙනාගේ ළගම නැයෙක්  තමා මේ  ''සයිෆොතිලාපියා (Cyphotilapia frontosa)'' කියලා කියන්නෙ. අද විසිතුරු මත්සය කර්මන්තයේ ඉතා ඉහල වටිනකමක් තියන මාලූවෙක් කියලා කියන්නත් පුලුවන් මෙයාලට. ලවන මිශ්‍රිත වතුරේ ජිවත් වෙන්න වැඞ් කැමැත්තක්  පෙන්නන මෙයාලා නැගනහිර අප්‍රිකානු රටවල් වල මිරිදිය ජලාශ වල තමා ජ්වත් වෙන්නෙ, ඒ වගෙම ඒ ජලාශ වල මෙයාලා 35 cm විතර ලොකු වෙනවා.

මේ මාලුවන්ගෙ පිරිමි සතාගේ හිසේ මොල්ලියක් වගෙ අංගයක්  තියනවා වගේම සුදු, ලා නිල් පාට ඇගේ කලු පාටින් ඉරිත් තියනවා. කොහොම වුනත් මත්ස‍ය අභිජනනකරුවන්ගෙ හැකියාවන් නිසා තව   වෙනස්  වෙනස් පාට වලිනුත් අද වෙළඳපලේ මේ මාලූවන් අපට බලා ගන්න පුලුවන්. 



Thursday, December 22, 2011

කන්වික්ට් ජුලී (Convict julie)




  කන්වික්ට් ජුලී (Convict julie = Julidochromis regani) කියන නමින් හදුන්වන මෙයාලා අප්‍රිකාවේ ඛුරුන්ඞ්, කොංගෝව, සිම්ඛාබ්වෙ වගෙ රටවල් මායිම් වෙලා තියන "ටැංගනිකා ජලාශය" (Lake Tanganica) නිජඛිම කරගෙන ඉන්නවා වගේම 12 cm විතර ලොකු වෙනවා.ඒයාලගෙ රන්වන් ඇගත් කලු පාට ඉරි වගෙම දිගටි පෙනුමත් මෙයාලට වැඞ් ලස්සනක් ගෙනදෙනවා
  
  මෙයාලගෙ ගැහැණු පිරිම් දෙගොල්ලන්ම ඛාහිරින් එක වගෙ වෙනවා. තවත් විශෙෂයක් වෙන්නෙ මෙයාලට ඉතා වැඞ්  ක්ෂාරීයතාවයක් තියන (pH 9.0)වතුරෙ වුනත් පහසුවෙන් ජිවත් වෙන්න පුලුවන් කමයි



Wednesday, December 21, 2011

කෙනී (Kenyi)




   ඔයාලා දන්නචද මෙයාලගෙ නිජබිම තමා නැගනහිර අප්‍රිකාවේ මලාවි ජලාශය (Lake Malawi),එහෙම වුනත් මෙයාලට ලොම්බාඞෝයි (Lombardoi = Maylandia Lombardoi) කියන නමිනුත් හදුන්වනවා. සාමාන්‍යන්මෙයාලා ස්භාවික පරිසරයෙඳි 12 cm විතර ලොකු වෙනවා.මෙයාලගෙ ගැහැණු  පිරිමි තෝරන්න ටිකක් විතර ලෙහෙසි වෙනවා, මොකද මෙයාලගෙ   ගැහැණු සහ පොඩි පිරිමි සත්තු කලූ පෑහැයට භුරු ඉරි තියන ඇගක් තියන අය වෙනවා. එහෙම චුනත් මෙයාලා ලොකු වෙනකොට ඒ කියන්නෙ ලිංගිතව පරිණත වෙනකොට  පිරිමි සත්තුන්ගෙ සිරුර දුඹුරු ඉරි තියන දිප්තිමත් කභ පාටක් වෙනවා.
   
   ඒ වුනත් මෙ මාලුවන්ගෙ පිරිමි සත්තු නම් අ ආක්‍රමනශිලි චර්යා රටාවක් තියන අය වෙනවා,එයාලා ඒකම ටැංකියෙ ඉන්න අනිත් මාලුවන් එක්ක වුනත් රන්ඬුවට යන්න උත්සහ කරනවා.



 

Thursday, September 29, 2011

කන්වික්ටඩ් සික්ලිඩ් (Convicted cyclid)

    
  මධ්‍යම ඇමරිකාවේ ස්භාවික ජලාශ වල තමා මේ කන්වික්ටඩ් සික්ලිඩ්
නැත්නම් සීබ්‍රා සික්ලිඩ් ජිවත් වෙන්නේ (Convicted cyclid = Amatitlania
nigrofascicata) සාමානයෙන් මෙයාල 8 cm විතර ලොකු වෙනවා වගේම
 විසිතුරු මාළු ඇති කරන අය අතර ගොඩක් ජනප්ප්‍රිය මාළු වර්ගයක්.
පොඩිකාලයදීනම් මෙයාලගේ ගැහැණු සත්තුපිරිමි සත්තු වෙන කරලා 
හොයා ගන්න අමාරුයි, ඒ වුනාට හොදින් ලොකු වුනාට පස්සෙනම්
වෙනස්කම් හොදිබලා ගන්න පුළුවන්.සාමානයෙන් පිරිමි මාළුවා ටිකක්
වැඩිපුර ලොකු වෙනවා වගේම එයාගේ ඇගේ තියන කළු ඉරි ඒ
තරමටම කළු පාටපෙන්නේ නැ. ඒ වුනාට ගැහැණු සතා දීප්තිමත්ගතියක්
පෙන්නනවා වගේම එයාගේ බඩවත හරිය orange colur වෙනවා. 
වෙන සික්ලිඩ් මාළුවන් වගේ නෙමේ. මෙයාලා mouth breeding 
කරන්නේ නැ. ඒ වුනට පැටවුන්ගේ පියා තම පැටවුන් ලගටම වෙලා
හොදින් බලා ගන්නනවා.


Saturday, September 10, 2011

යෙලෝ ප්‍රින්ස් (Yellow prince)




   නැගනහිර අප්‍රිකාවේ මලාවි කියන ජලාශයට අවේනික කහපාට දිලිසෙන ඇගක් තියන මේ යෙලෝ ප්‍රින්ස් (Yellow prince = Labidochromis caeruleus)  නැත්නම් ලෙමන් යෙලෝ ලැබ් (Lemon yellow lab) වෙන මාළුවන්ට වඩා වෙනස් පුරුද්දක් නැත්නම් වෙනස් හැකියාවක් තියන මාළු වර්ගයක්. ඒ මෙයාලගේ ප්‍රජනන ක්‍රියාවලිය. පිරිමි සතා ජලාශ පතුලේ වලක් හෑරුවට පස්සේ ඒ වල තුලට ගැහැණු සතා බිත්තර දානවා. ඊළගට පිරිමි සතා ඒ බිත්තර උඩට ශුක්‍රානු ඉසිනවා. සංසේචනය වුන බිත්තර ගැහැණු සතා තමන්ගේ කටේ තියන විශේෂ කුටිරයක (buccal cavity)  තියාගෙන තමන්ගේ බිත්තර පරිස්සම් කරනවා. මේ බිත්තර රකින ක්‍රමයට “mouth breeding” කියනවා. මේ විදිහ නිසා පැටවුන් ගොඩක් පරෙස්සම් වෙන නිසා මෙයාලා ඉක්මනින් බෝ වෙන මාළු වර්ගයක්.


   

මෝසේයික් කොරිඩොරාස් (Mosaic corydoras)



    ඔයාලට මතකද පොඩි කාලයේදී අපි ඉගන ගත්ත සමමිතික රුප. වගේම තමා මෙයාලගේ ඇගත්. ඒ නිසාම මෙයාල ඉතාම ලස්සන මාළු ජාතියක් වගේම හොද වෙළදපල වටිනාකමක් නැත්නම් හොද market එකක් තියන මාළු වර්ගයක්. ගෙවල් වල තියන මාළු ටැංකි වලත් ඇති කරන්න හොද මාලුවෙක් මෙයාලා. බ්‍රසීලය බොලිවියාව වගේ දකුණු ඇමරිකානු රාජයන් වල තියන මිරිදිය ජලාශ වල තමා මේ  මෝසේයික් කොරිඩොරාස් (Mosaic corydoras = Croydoras haraldschultzi) කියන මාළුවන් ස්භාවිකවම බෝ වෙලා ඉන්නේ. 6 cm විතර ලොකු වෙන මෙයාලා පොඩි පොඩි ජලජ සත්තු වගේම පැළෑටි කැමට ගන්න කැමැත්තක් පෙන්නනවා.


 

බෑන්ඩඩ් කොරිඩෝරාස් (Banded corydoras)



    10 cm විතර දික් වෙන මේ මාළුවන්ගේ පිරිමි සතා ගැහැණු සතුන්ට වඩා ලස්සන පෙනුමක් තියනවා. මෙයාල ගොඩක්  වෙලාවට ලොකු මත්ස්‍යගාරවල බලාගන්න පුළුවන්.  ඉස්සෙල්ලම මේ වර්ගය 1824 කැලික්තිස් බාබටස් (Callichthys brabatus) ව්ද්‍යාත්මක නමින් තමා හදුන්වල  තියෙන්නේ, ඒ උනාට 2003 න් පස්සේ ඒ නම වෙනස් වෙලා  තියනවා. ඒ ස්කිලිරොමිස්ටැක්ස් බාබටස් (Scleromystax  barbatus) කියලා. පනුවන් වගේම ජලජ කෘමින් කෑමට වැඩිය කැමැත්තක් පෙන්නන්න මෙයාලා කෘතීම පරිසරයේ ඇති
කරන්නන ඒ තරම් අමාරුවක් නැ.
   




බ්ලැක් ටෙට්‍රා (Black tetras)



    බ්‍රසිලයත් දකුණු ඇමරිකාවත් නිජබිම කරගෙන ඉන්න මේ මාළුවන් බ්ලැක් ටෙට්‍රා (Black tetras), බ්ලැක් විඩොව් ටෙට්‍රා (Black widow tetras) කියන නම් වලින් හදුන්වනවා. සාමානයෙන් මෙයාලා ස්වාභවික පරිසරදීනම් 6cm විතර ලොකු වෙනවා වගේම වල් දර්ශනයක් නැත්නම් ස්වභාවික රුපය කළු පාට වැඩිපුර ඇගේ තියනවා.  මේ මාළු වර්ගය මාංශ භාක්ෂක වර්ගයක්. වතුරේ ඉන්න පොඩි පොඩි සත්තුන් කෑමට ගන්න මෙයාලා ආක්‍රමණශීලි මාළු වර්ගයක් වෙනවා.


 

නියෝන් ටෙට්රා (Neon tetras)



  පොඩි ඇගක්තියන ගොඩක් ලස්සන මාලුවෙක් තමා නියෝන් ටෙට්‍රා (Neon tetra = Paracheirodon innesi) කොළොම්බියාව, පිරු වගේම බ්‍රසීලය වගේ දකුණු ඇමරිකානු රටවල් වල අපැහැදිලි වතුර තියන ගංගා වගේම අතු ගංගා වල ජිවත් වෙන මෙයාලා රංචු විදිහට ඉන් ගොඩ කැමැත්තක් පෙන්නනවා වගේම අදුරු වතුරේදී දිලිසෙන ලා නිල් පාට ඇගක් තියන එක විශේෂ ලක්ෂණයක්. 3 cm විතර ලොකු වෙ මෙයාලා ගැහැණු සත්තු, පිරිමි සත්තු ගොඩක් වෙලාවට  බාහිරින් එක සමාන වෙනවා. රළු පරිසරයකදී විතරක් නෙමෙයි  ආම්ලික වතුරේදීත් ජිවත් වෙන්න පුළුවන් කම තියන මෙයාලට ගෘහස්ත මාළු ඇති කරන අය ගොඩ කැමැත්තක් පෙන්නවා.


   

Friday, September 9, 2011

කැට් ෆිෂ් (Cat fish)


මාළු ඇති කරන අය අතර ගොඩක් ජනප්‍රිය මාලුවෙක් තමා මෙයාලා. සාමානයෙන් ගගවල් වල, වැව් වල මාළු අල්ලන කට්ටියනම්  මෙයාලට කියන්නේ අගුලුවන් කියලා. ඒ උනාට අපි නැත්නම් මාළු ඇති කරන අය කියන්නේ මෙයාලට “කැට් ෆිෂ්” (Cat fish) කියලා. මෙයාලගේ කට දෙපෙත්තේ “අන්කුට” (Barbels) දෙකක් නිසා තමා මේ නම මෙයාලට දාලා තියෙන්නේ. සාමානයෙන් මෙයාල අනෙත් මාළුවන්ට වැඩ ලොකු වෙනවා. ඒ උනාට එයාලගේ හැසිරීම වගේම හැඩය නිසාම තමා මාළු ඇති කරන අය කමැති මෙයාලට. කොහොම උනත් මෙයාලගේ ගොඩ දෙනක් ඉක්මනින් බයවෙන ගතියක් පෙන්නනවා. සාමානයෙන් මෙයාලා pond එකක ඇති කරනවානම් ඉතාමත් ඉක්මනින් ලොකු කරගන්න පුළුවන්. 
 

මේ ඉන්නේ Red tail catfish කෙනෙක්. මෙයාලට මේ නම හම්බ වෙලා තියෙන්නේ මෙයාලගේ පිටිපස්සේ වරල, නැත්නම් නැට්ට කෙළවර රතු පාට නිසා. දකුණු ඇමරිකාව තමා මෙයාලගේ නිජබිම. වැඩිපුරම බ්‍රසීලය, වෙනිසියුලාව වගේ රටවල් වල ගංගා, ඇළ, දොළවල ජිවත් වෙනවා. සාමානයෙන් මෙයාලා ස්භාවික පරිසරයේදී 130 cm විතර ලොකු වෙනවා වගේම 45 kg විතර බර වෙනවා
   

     මෙයාලට තමා ටේටේ සි කැට්ෆිෂ් (Tete sea catfish = Sciades seemanni) කියන්නේ. පැසිෆික් සාගර  කලාපයේ තියන ගලාගෙන යන දිය පාරවල් කලපු වල තමා ජිවත් වෙන්නේ. මෙයාලාගේ ඇග අළු පාට වගේම ඔලුව ටිකක්   විතර ලොකු වෙනවා. 40 cm විතර ලොකු වෙන මෙයාලා  සාමානයෙන් මාළු ටැංකි වල ඇති කරන්නන නම් ඒ තරමටම හොද නැ.  


    මෙයලටනම් නම් දෙක තුනක්ම තියනවා. බර්නි කැට්ෆිෂ්  (Berny’s catfish) බර්නි ෂාක් කැට්ෆිෂ් (Berney’s shark catfish) නැත්නම් සැමන් කැට්ෆිෂ් (Salmon catfish = Arius bernei) මිරිදියේ වගේම කිවුල් දියේ ජිවත් වෙන්න පුළුවන් මාලුවෙක්.  සාමානයෙන් market එකේ වැඩිපුරම  දකින්න ඉන්න  catfish වර්ගයක් තමා මෙයාලා. 35 cm විතර ලොකු  වෙන මාළු වර්ගයක්. මෙයාලා විසිතුරු මාළු ඇති කරන අයට ඇති කිරීමට ගැලපෙන මාළු ජාතියක්.