Thursday, September 29, 2011

කන්වික්ටඩ් සික්ලිඩ් (Convicted cyclid)

    
  මධ්‍යම ඇමරිකාවේ ස්භාවික ජලාශ වල තමා මේ කන්වික්ටඩ් සික්ලිඩ්
නැත්නම් සීබ්‍රා සික්ලිඩ් ජිවත් වෙන්නේ (Convicted cyclid = Amatitlania
nigrofascicata) සාමානයෙන් මෙයාල 8 cm විතර ලොකු වෙනවා වගේම
 විසිතුරු මාළු ඇති කරන අය අතර ගොඩක් ජනප්ප්‍රිය මාළු වර්ගයක්.
පොඩිකාලයදීනම් මෙයාලගේ ගැහැණු සත්තුපිරිමි සත්තු වෙන කරලා 
හොයා ගන්න අමාරුයි, ඒ වුනාට හොදින් ලොකු වුනාට පස්සෙනම්
වෙනස්කම් හොදිබලා ගන්න පුළුවන්.සාමානයෙන් පිරිමි මාළුවා ටිකක්
වැඩිපුර ලොකු වෙනවා වගේම එයාගේ ඇගේ තියන කළු ඉරි ඒ
තරමටම කළු පාටපෙන්නේ නැ. ඒ වුනාට ගැහැණු සතා දීප්තිමත්ගතියක්
පෙන්නනවා වගේම එයාගේ බඩවත හරිය orange colur වෙනවා. 
වෙන සික්ලිඩ් මාළුවන් වගේ නෙමේ. මෙයාලා mouth breeding 
කරන්නේ නැ. ඒ වුනට පැටවුන්ගේ පියා තම පැටවුන් ලගටම වෙලා
හොදින් බලා ගන්නනවා.


Saturday, September 10, 2011

යෙලෝ ප්‍රින්ස් (Yellow prince)




   නැගනහිර අප්‍රිකාවේ මලාවි කියන ජලාශයට අවේනික කහපාට දිලිසෙන ඇගක් තියන මේ යෙලෝ ප්‍රින්ස් (Yellow prince = Labidochromis caeruleus)  නැත්නම් ලෙමන් යෙලෝ ලැබ් (Lemon yellow lab) වෙන මාළුවන්ට වඩා වෙනස් පුරුද්දක් නැත්නම් වෙනස් හැකියාවක් තියන මාළු වර්ගයක්. ඒ මෙයාලගේ ප්‍රජනන ක්‍රියාවලිය. පිරිමි සතා ජලාශ පතුලේ වලක් හෑරුවට පස්සේ ඒ වල තුලට ගැහැණු සතා බිත්තර දානවා. ඊළගට පිරිමි සතා ඒ බිත්තර උඩට ශුක්‍රානු ඉසිනවා. සංසේචනය වුන බිත්තර ගැහැණු සතා තමන්ගේ කටේ තියන විශේෂ කුටිරයක (buccal cavity)  තියාගෙන තමන්ගේ බිත්තර පරිස්සම් කරනවා. මේ බිත්තර රකින ක්‍රමයට “mouth breeding” කියනවා. මේ විදිහ නිසා පැටවුන් ගොඩක් පරෙස්සම් වෙන නිසා මෙයාලා ඉක්මනින් බෝ වෙන මාළු වර්ගයක්.


   

මෝසේයික් කොරිඩොරාස් (Mosaic corydoras)



    ඔයාලට මතකද පොඩි කාලයේදී අපි ඉගන ගත්ත සමමිතික රුප. වගේම තමා මෙයාලගේ ඇගත්. ඒ නිසාම මෙයාල ඉතාම ලස්සන මාළු ජාතියක් වගේම හොද වෙළදපල වටිනාකමක් නැත්නම් හොද market එකක් තියන මාළු වර්ගයක්. ගෙවල් වල තියන මාළු ටැංකි වලත් ඇති කරන්න හොද මාලුවෙක් මෙයාලා. බ්‍රසීලය බොලිවියාව වගේ දකුණු ඇමරිකානු රාජයන් වල තියන මිරිදිය ජලාශ වල තමා මේ  මෝසේයික් කොරිඩොරාස් (Mosaic corydoras = Croydoras haraldschultzi) කියන මාළුවන් ස්භාවිකවම බෝ වෙලා ඉන්නේ. 6 cm විතර ලොකු වෙන මෙයාලා පොඩි පොඩි ජලජ සත්තු වගේම පැළෑටි කැමට ගන්න කැමැත්තක් පෙන්නනවා.


 

බෑන්ඩඩ් කොරිඩෝරාස් (Banded corydoras)



    10 cm විතර දික් වෙන මේ මාළුවන්ගේ පිරිමි සතා ගැහැණු සතුන්ට වඩා ලස්සන පෙනුමක් තියනවා. මෙයාල ගොඩක්  වෙලාවට ලොකු මත්ස්‍යගාරවල බලාගන්න පුළුවන්.  ඉස්සෙල්ලම මේ වර්ගය 1824 කැලික්තිස් බාබටස් (Callichthys brabatus) ව්ද්‍යාත්මක නමින් තමා හදුන්වල  තියෙන්නේ, ඒ උනාට 2003 න් පස්සේ ඒ නම වෙනස් වෙලා  තියනවා. ඒ ස්කිලිරොමිස්ටැක්ස් බාබටස් (Scleromystax  barbatus) කියලා. පනුවන් වගේම ජලජ කෘමින් කෑමට වැඩිය කැමැත්තක් පෙන්නන්න මෙයාලා කෘතීම පරිසරයේ ඇති
කරන්නන ඒ තරම් අමාරුවක් නැ.
   




බ්ලැක් ටෙට්‍රා (Black tetras)



    බ්‍රසිලයත් දකුණු ඇමරිකාවත් නිජබිම කරගෙන ඉන්න මේ මාළුවන් බ්ලැක් ටෙට්‍රා (Black tetras), බ්ලැක් විඩොව් ටෙට්‍රා (Black widow tetras) කියන නම් වලින් හදුන්වනවා. සාමානයෙන් මෙයාලා ස්වාභවික පරිසරදීනම් 6cm විතර ලොකු වෙනවා වගේම වල් දර්ශනයක් නැත්නම් ස්වභාවික රුපය කළු පාට වැඩිපුර ඇගේ තියනවා.  මේ මාළු වර්ගය මාංශ භාක්ෂක වර්ගයක්. වතුරේ ඉන්න පොඩි පොඩි සත්තුන් කෑමට ගන්න මෙයාලා ආක්‍රමණශීලි මාළු වර්ගයක් වෙනවා.


 

නියෝන් ටෙට්රා (Neon tetras)



  පොඩි ඇගක්තියන ගොඩක් ලස්සන මාලුවෙක් තමා නියෝන් ටෙට්‍රා (Neon tetra = Paracheirodon innesi) කොළොම්බියාව, පිරු වගේම බ්‍රසීලය වගේ දකුණු ඇමරිකානු රටවල් වල අපැහැදිලි වතුර තියන ගංගා වගේම අතු ගංගා වල ජිවත් වෙන මෙයාලා රංචු විදිහට ඉන් ගොඩ කැමැත්තක් පෙන්නනවා වගේම අදුරු වතුරේදී දිලිසෙන ලා නිල් පාට ඇගක් තියන එක විශේෂ ලක්ෂණයක්. 3 cm විතර ලොකු වෙ මෙයාලා ගැහැණු සත්තු, පිරිමි සත්තු ගොඩක් වෙලාවට  බාහිරින් එක සමාන වෙනවා. රළු පරිසරයකදී විතරක් නෙමෙයි  ආම්ලික වතුරේදීත් ජිවත් වෙන්න පුළුවන් කම තියන මෙයාලට ගෘහස්ත මාළු ඇති කරන අය ගොඩ කැමැත්තක් පෙන්නවා.


   

Friday, September 9, 2011

කැට් ෆිෂ් (Cat fish)


මාළු ඇති කරන අය අතර ගොඩක් ජනප්‍රිය මාලුවෙක් තමා මෙයාලා. සාමානයෙන් ගගවල් වල, වැව් වල මාළු අල්ලන කට්ටියනම්  මෙයාලට කියන්නේ අගුලුවන් කියලා. ඒ උනාට අපි නැත්නම් මාළු ඇති කරන අය කියන්නේ මෙයාලට “කැට් ෆිෂ්” (Cat fish) කියලා. මෙයාලගේ කට දෙපෙත්තේ “අන්කුට” (Barbels) දෙකක් නිසා තමා මේ නම මෙයාලට දාලා තියෙන්නේ. සාමානයෙන් මෙයාල අනෙත් මාළුවන්ට වැඩ ලොකු වෙනවා. ඒ උනාට එයාලගේ හැසිරීම වගේම හැඩය නිසාම තමා මාළු ඇති කරන අය කමැති මෙයාලට. කොහොම උනත් මෙයාලගේ ගොඩ දෙනක් ඉක්මනින් බයවෙන ගතියක් පෙන්නනවා. සාමානයෙන් මෙයාලා pond එකක ඇති කරනවානම් ඉතාමත් ඉක්මනින් ලොකු කරගන්න පුළුවන්. 
 

මේ ඉන්නේ Red tail catfish කෙනෙක්. මෙයාලට මේ නම හම්බ වෙලා තියෙන්නේ මෙයාලගේ පිටිපස්සේ වරල, නැත්නම් නැට්ට කෙළවර රතු පාට නිසා. දකුණු ඇමරිකාව තමා මෙයාලගේ නිජබිම. වැඩිපුරම බ්‍රසීලය, වෙනිසියුලාව වගේ රටවල් වල ගංගා, ඇළ, දොළවල ජිවත් වෙනවා. සාමානයෙන් මෙයාලා ස්භාවික පරිසරයේදී 130 cm විතර ලොකු වෙනවා වගේම 45 kg විතර බර වෙනවා
   

     මෙයාලට තමා ටේටේ සි කැට්ෆිෂ් (Tete sea catfish = Sciades seemanni) කියන්නේ. පැසිෆික් සාගර  කලාපයේ තියන ගලාගෙන යන දිය පාරවල් කලපු වල තමා ජිවත් වෙන්නේ. මෙයාලාගේ ඇග අළු පාට වගේම ඔලුව ටිකක්   විතර ලොකු වෙනවා. 40 cm විතර ලොකු වෙන මෙයාලා  සාමානයෙන් මාළු ටැංකි වල ඇති කරන්නන නම් ඒ තරමටම හොද නැ.  


    මෙයලටනම් නම් දෙක තුනක්ම තියනවා. බර්නි කැට්ෆිෂ්  (Berny’s catfish) බර්නි ෂාක් කැට්ෆිෂ් (Berney’s shark catfish) නැත්නම් සැමන් කැට්ෆිෂ් (Salmon catfish = Arius bernei) මිරිදියේ වගේම කිවුල් දියේ ජිවත් වෙන්න පුළුවන් මාලුවෙක්.  සාමානයෙන් market එකේ වැඩිපුරම  දකින්න ඉන්න  catfish වර්ගයක් තමා මෙයාලා. 35 cm විතර ලොකු  වෙන මාළු වර්ගයක්. මෙයාලා විසිතුරු මාළු ඇති කරන අයට ඇති කිරීමට ගැලපෙන මාළු ජාතියක්.   


 

Thursday, September 8, 2011

අරවානා (Arawana)



දැනට ලංකාවේ වැඩිම මිල ගණනකට විකිනෙනේ මාළු වර්ගය කිවාත් වැරදි නැ, එය වගේම මෙයාලගේ පෙළපත ජුරාසික් යුගය වෙනකල්ම යනවා කියල අදටත් කියවෙනවා. චීන ජාතිකයක් "වාසනාවේ සංකේතය" කියල හදුන්වනවා වගේම මෙයාලව හදුන්වන්නේ මකර මාළුවා (dragon fish)  කියන නම පාවිච්චි කරනවා. මෙයාල මාංශ භක්ෂකයන් වෙනවා වගේම ස්භාවික පරිසරයේදී  120 cm  විතර ලොකු වෙනවා. සාමානයෙන් මෙයාලගේ හැසිරීමෙන් අහිංසක ගතියක් පෙන්නුවත්  ජල මට්ටමට ආසන්නයේ සිටින කුරුල්ලෙක් අල්ලා ගන්න උනත් මෙයාලා පසුබට වෙන්නේ නැ. මෙයාලා සාමාන්‍ය පරිසරයෙනෙම් අරුදු 50 ක් විටහ්ර ජිවත් වෙනවා. එය උනාට කෘතීම පරිසරයේ මෙයාල අවරුදු 20 විතර වගේ තමා ජිවත් වෙන්නේ.


   සාමානයෙන් මේ මලුවන්ගේ රත්රන් පාට මාළුවෙකු 20 cm විටර මාලුවෙක්  Rs.50 000 විතරද, රතු පාට නැත්නම් රතු අරවානා කෙනෙකු 40 cm කෙනෙකු  Rs. 3 000 000 විතර වෙනවා. සාමානයෙන් මේ මාළුවන් ඇති කරන කෙනකුට ගප්පි වගේ පොඩි මාළුවන් නැත්නම් ඉස්ගේඩියන් වගේ ජීවී කෑම දෙන්නට වෙනවා. 



සිල්වර් ඩොලර් (Silver dollar)



   මෙයාලා දකුණු ඇමරිකාවේ "ටැපජෝස් ගග" (Tapajos river) කියන හරියට අවේනික මාළු ජතියක් සිල්වර් ඩොලර් (Silver dollar = Metynnis argenteus) කියන මෙයාලට තියෙන්නේ රවුමක් හැඩයට ඇගක්. 12 cm  විතර මෙයාල ලොකු වෙනවා. සාමානයෙන් මෙයාල රංචු විදිහට ඉන්න කැමති. වගේම ටිකක් විතර ආක්‍රමණ ශීලි ගතියකුත් පෙන්නනවා, ඒ උනත් මෙයාලා ශාක භක්ෂක මාළු වර්ගයක්,  පොඩි පනුවන් කෘමින් වගේ සත්තුත් ඉදල හිටලා වගේ  කෑමට ගන්නවා. 





ඩිස්කස් (Discus)



   අද වෙළදපලේ ගණන් වැඩිම මාළු වර්ග වලින් එකක් වෙන මෙයාලා ගොඩක් ලස්සන මාළුවෙක්. (Discus = Symphysodon aequifasciatus) වෙන මෙයාලගේ නිජබිම දකුණු ඇමරිකාවේ ඇමේසන් ගග ඒත් අද ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ ආසියාතික රටවල් වල. පැතලි ඇගක් තියන මෙයාලා ගොඩක් වෙලාවට රවුමක් වගේ. සාමානයෙන් 20 cm විතර ලොකුවෙන මෙයාලා පැටවුනට ගොඩක් ආදරෙ කරන මාළු ජාතියක්.


මෙයාලගේ ගැහැණු සතා බිත්තර දැම්මට පස්සේ  එයාගේ හමෙන් එලියට එන උකු දියරයක් වගේ දෙයක් කෑමට  අරගෙන තමා ඒ බිත්තර වලින් එලියට එන පැටවුන් ලොකු  වෙන්නේ. එය විදිහට දෙමාපියන් ළගම ඒ පැටවුන් සති  ගණනක ජිවත් වෙන නිසා පැටවුන්ට ආරක්ෂාව උපරිම විදිහට ලැබෙනවා.

ඔස්කා (Oscar)



   මෙයාලත් මාළු ඇති කරන අයගේ ගොඩක් ජනප්‍රිය මාළුවෙක්. සික්ලිඩ් ගණයට තමා මේ ඔස්කා (Oscar = Astronnotus ocellatus) මෙයාලා අයත් වෙන්නේ. සාමානයෙන් මෙයාලට වෙල්වට් සික්ලිඩ් (Velvet cichlid), මාබල් සික්ලිඩ් (Marble cichlid) කියලත් කියනවා. දකුණු ඇමරිකාවේ ජලාශ වල ඉන්න මෙයාලව ඒ රටවල් වල මිනිස්සු කන්නත් ගන්නවා. එත මෙයාලා ලොකු ඒ කියන්නේ වර්ධනය වෙන්නේ හෙමින් නිසා නිසා වැඩිපුරම විසිතුරු මාළුවෙක් විදිහට තාම ගන්නේ. මෙයාලට තියන හැකියාවක් තාමා ඉක්මනින් පාට මාරු කර ගන්න පුළුවන්. ඒ වගේම මෙයාලා මස් කෑමට ගන්න  කැමැත්තක් පෙන්නනවා. මෙයාලා 45 cm විතර ලොකු වෙනවා




කාප්ස් (Carps)




  
බටහිර ආසියාවේත් නැගනහිර යුරෝපයත් තාමා මෙයාලගේ නිජබිම. මෙයාලා මිනිස්සු කෑමට ගන්න මාලුවෙක් විදිහට තම ගොඩක්ම ප්‍රසිද්ධ. මෙයාලා උපරිම  2 m විතර ලොකු වෙනවා. තවත් මෙයාලගේ කුලයේම (Cyprinidae) වර්ග පනහකටත් වැඩිය මාළු ඇති කරන අය ඇති කරනවා.






   
   සාමාන්‍ය කාප්ස් මාළුවන් දෙමුහුන් කරලා කෝයි කාප්ස් (Koi carp)  කියන මාළුවා හදාගෙන තියනවා.  කාප්ස් (Koi carp) කියන්නේ සාමන්‍ය කාර්ප් (Common carp = Cyprinus carpeo)  කියන වර්ගයේ තවත් මාලුවෙක්. සුදු, කහ, රතු, කළු වගේ පාට ගොඩකින් ලප වගේම රටා තියන මේ මාළු වර්ගයත් සාමන්‍ය කාර්ප් මාළුවන් තරමටම ලොකු වෙනවා.




ටයිගර් බාබ් (Tiger barb)




මෙයාලා සුමාත්‍රා බාබ් (Sumatra barb) වගේම ටයිගර් බාබ් (Tiger barb = Puntius tetrazona) කියලත් හදුන්වනවා. මැලේසියාවේ ඉදන් කාම්බෝජය වෙනකල් ඇළ, දොළ වගේම පොකුණු වලත් මෙයාලා දකින්න ඉන්නවා. මෙයාල උපරිම 7 cm විතර ලොකු වෙනවා වගේම ඇග රිදී පාටටත් කහ පාටිනුත් ඒ මත කළු පාටින් දිගටි ලප හතරකුත් කියනවා. කොහොම උනත් දෙමුහුන් ක්‍රමයේ ප්‍රතිපල නිසාම දැනට මෙයාලා ඇග කොළ පාටිනුත් ඉන්නවා. තවත් මෙයාලා තමන්ගේ අය එක්ක රංචු විදිහට ඉන්න කැමැත්තක් පෙන්නනවා.




සීබ්රා (Zebrafish)



   
   (Zebrafish –  Daniorerio )මෙයාලගේ නම ඇහුව ගමන ඔයාලට මතක් වෙන්නේ zoo  එකේදී දැකපු සීබ්‍රා නේද? ඒ වගේම තමා මෙයාලත්. මෙයාලගෙත් ඇග පුරාවටම ඉරි තියනවා. නැගනහිර ඉන්දියාවේ දියකඩිති වල තමා මෙයාලා ජිවත් වෙන්නේ. දැන් වෙනකොට මෙයාලා වර්ග ගොඩක් හොයාගෙන තියනවා, එය දෙමුහුන් ක්‍රම වල ප්‍රථිපල විදිහට. මෙයාලා උපරිම 6 cm  විතර ලොකු වෙනවා. හොදින් පරිනත උනත් මෙයාලගේ ගැහැණු සතෙකුගේ බිත්තර මෝරන්න එයාලා ළග අනිවාර්යෙන් පිරිමි සතෙක් ඉන්නම ඕන කියල දැනට හොයාගෙන තියනව.




Wednesday, September 7, 2011

එන්ජල් (Angel fish)





මාළු ඇති කරන අයගේ තවත් ජනප්‍රියම මළුවෙක් තමා එන්ජල් (Angels / Aagel fish) මාළුවා. මෙයාලගේ නිජබිම විදිහට කියන්නේ දකුණු ඇමරිකාවේ ඇමසන් ගංගාවත් ඒ අතු ගංගාවලුත්. මෙයාල ට්රෝෆිලම් (Pterophyllum) කියන වර්ගයට අයිති වෙනවා වගේම හැඩය පැතලි නිසාත් වරල් වල දිගටි හැඩයත් නිසා මෙයාලා සරුංගලයක් වගේ පෙනෙනවා.
      මෙ‍ අයගේ තියන විශේෂම පුරුද්දක් වෙන්නේ එයාලා ජිවිත කාලයටම එකම ජෝඩුවක්‌ (monogamous pair) විදිහට ඉන්න එක. මෙයාල තමන්ගේ පැටවුනට හොද මවුපිය රැකවරණයක් දෙනවා වගේම වර්ග ගොඩකිනුත් ඉන්නවා. ඔරිනෝකෝ එන්ජල් (Orinoco Angels = Pterophyllum altum), ඩොෆ් එන්ජල් (Dwarf Angel = Pterophyllum leopoldi) සාමාන්‍ය එන්ජල් (Angelfish = Pterophyllum scalare) මේ වෙනකොට ගොඩක් ජනප්‍රිය වෙලා තියනව.



Tuesday, September 6, 2011

ගෝල්ඩ් ෆිෂ් (Gold fish)



අද ලෝකයේ සුරතල් මසුන්ගෙන් ජනප්‍රියම මාළුවා ගෝල්ඩ් ෆිෂ් (Goldfish = Carass ius auratus) කියන එක වැරද්දක් නැ, මේකට හේතුව කියල මම හිතන්නේ මෙයාලගේ හැඩය, පාට,වරල් හා ඇති කරන්න ඉතාම ලෙහෙසි නිසා කියලා. 
අවුරදු දහස් ගණනකට පෙර චීනයේ රජ මාලිගාවල ඇති කරපු පෘසියන් කාප් ( Prussian carp  =  Carassius gibelio) කියන පොඩි මාළු පරපුරෙන් එන මාලුවෙක් කියල දැනට විස්වාස කරනවා මෙයාලව.දෙමුහුන් කරල වගේම "වර්ණ අභිජනනය" (Selective breeding)  වලින් දැනට මෙයාලගේ වර්ග විසි පහක් විතර ඉන්නවා. එයාලගෙන් වඩාත් ජනප්‍රිය වර්ග ටිකක් ගැන මම ඔයාලට කියන්නම්.


මේ ඉන්නේ වෙල් ටේල් (veiltail) ගෝල්ඩ් ෆිෂ් කෙනෙක්, සාමානයෙන් මෙයාලා 30 cm විතර ලොකු වෙනවා. මේ මාළුවා මුලින්ම හම්බ වෙලා තියෙන්නේ ඇමරිකානු fish farm එකකින්. පස්සේ පස්සේ චීනය, ජපානය වගේ රටවල් වලත් මෙයාල බෝ කරලා තියනවා. 
මෙයාගේ ඇග නැත්නම් සිරුර හරිය පොඩ්ඩක් විතර රවුමක හැඩයක් තියනවා,එය වගේම මෙයාලගේ පිටිපස වරල නැත්නම් නැට්ට ගොඩක් ලොකුවට වැවිල තියනවා. මෙයාලගේ කොරපොතුත් දිලිසෙනවා වගේම වරල් පාලනය කරගැනීමට අමාරු නිසා පිහිනනකොට අමාරු බවක් පේනවා. මෙයාල 12' C  වලට වඩා අඩු උෂ්ණත්වයකදී ඉතාමත් අපහසු තත්වයකට මුහුණ දෙනවා.


  ෆැන් ටේල් (Fantail) ගෝල්ඩ් ෆිෂ් , මෙයාලට තියෙන්නේ බිත්තරයක හැඩයක්.මෙයාලට පාට පාටින් නැත්නම් තනි පාටකින් දිලිසෙන (metallic) කොරපොතු තියනවා.මෙයාලගේ විශේෂය වන්නේ පිටිපස්ස වරල නැත්නම් නැට්ට සමමිතික විදිහට බෙදිලා තියන නිසා.
සාමානයෙන් මෙයාලා රළු පරිසරයකට ඔරොත්තු දෙනවා කියල ප්‍රසිද්ධ වෙලා තියනවා. මෙයාල සෙල්සියස් 13 - 21 අතර වතුරට කැමැත්තක් දක්වනවා. රතු, චොකලට් පාට මාළුවන් හිටියත් කලාදුරකින් නිල් පාටින් හොයාගන්නත්  පුළුවන්.


 ග්ලෝබ් අයි (Globe eye) වගේම ඩ්‍රඩ්ගන් අයි (Dragon eye) කියන නම් දෙකෙන්ම මේ මාළුවාට පාවිච්චි ලකරනවා. ඒ නම් ලැබෙන්න හේතුව වෙලා තියෙන්නේ මෙයාලගේ ඇස් වල තියන වෙනස්කම. මේ මාළුවන්ගේ ඇස් දෙක ඉස්සරහට වැඩිපුර තියන නිසාම මෙයාලා විරූපී ගතියක් පේනවා. දැන් ඔයාලට හිතෙනවා නේද මේ මාළුන්ට ගොඩක් දුර හොදට පේනවා ඇති කියල, එහෙම හිතුවනම් ඔයාල වැරදි, කොච්චර ලොකුවට ඇස් තිබුනත් මෙයාලට ඇස් පෙනිමනම් ඉතා දුර්වලයි
       මෙයාලගේ ඇග දිගටි වගේම නිදහස් වරල් තියනවා. නිතරම කළු පාටින් දකින්න හිටියත් රතු, රතු - සුදු, කළු -සුදු, චොක්ලට්, නිල් පාටින්නුත් ඉන්නවා.


     මෙයාලගේ ඔළුවේ තියන “ඉන්නා” (wen) මෙයලටම අවේනික ලක්ෂණයක්. ඒක නිසාම මෙයාලා ගෝල්ඩ් ෆිෂ් පවුලේ විශේෂ තැනක් ගන්නවා. සමහර වෙලාවට මේ ඉන්නන් එයාලගේ ඇස් වැසෙන තරමටම ලොකු වෙන නිසා එයාලට හිරිහැරයක් වෙන වෙලාවලුත් තියනවා. රතු, රතු - සුදු, රතු - කළු, කළු, නිල් වගේ පාට ගොඩකින් මේ මාළුවා ඉන්නවා. ඒ වගේම මෙයාලා හෙලවෙන්නෙ නැති වෙලාවටත් මෙයාලගේ වරල් හොදට විහිදිලා තියනවා. සාමානයෙන් මෙයාලා 25 cm විතර ලොකු වෙනවා වගේම සෙල්සියස් 18 ත් 28 ත් අතර වතුරේ ඉන්න කැමැත්තක් පෙන්නනවා.


   මෙයාලට ජපන් ජාතිකයන් නම් කියන්නේ සුයිහොගාන් (Suihogan) කියල, මෙයාලගේ ඔලුව දෙපැත්තේ වතුර පිරුන බැලුම් දෙකක් වගේ කෝෂිකා දෙකක් නිසා ඇස් උඩට ඇවිත් තියනවා. මේ නිසා විරූපී පෙනුමකුත් තියනවා, ඒ උනත් පොඩි ඇගක් වගේම හිලෑ කරන්න ලෙහෙසි නිසා මාළු ඇති කරන අය ගොඩක් කැමතියි මෙයාලට. ඒ උනත් මෙයාලගේ මේ බැලුම් වගේ තියන කෝෂිකා නිසාම එයාලට හානියක් වෙන්න පුළුවන් වෙන වර්ගවල මාළුත් එක්ක ඉන්නකොට. එක නිසා මෙයාලා fish bowls  වල ඇති කරනවා ගොඩදෙනෙක්. සාමානයෙන් මෙයාලා 10 cm වගේ ලොකු වෙනවා. මේ වර්ගයේ පොඩි පැටවුන්ගේත් මේ කෝෂිකා දෙකක් පෙනෙන්නට තියනවා. ඒ උනත් ඒවා ලොකු වෙන්න පටන් ගන්න නම් මෙයාලට මාස 3 ක්‌ වත් වෙනකොට තමයි.


   පාට පාටින් දිලිසෙන (nacreous) විනිවිද පෙනෙන කොරපොතු තියන මේයාලා මාළු බෝ කරන්නන් ගොඩක් කැමති මාළුවෙක්. ගෝල්ඩ් ෆිෂ් පවුලේ කෙනෙක් උනත් මෙයාලගේ ඇග පුරාවටම රතු, කහ, කළු පැල්ලම් තියනවා. මෙයාලගේ මේ දිලිසෙන ගතිය ඇග පුරාවටම තියනවා. සාමානයෙන් මෙයාල 10 cm විතර ලොකු වෙනවා.