Friday, January 6, 2012

ඩෝෆ් ගුරාමි ( Dwarf Gourami )







ඩෝෆ් ගුරාමි ( Dwarf Gourami -  Colisa lalia) තැඹිලි, රතු, නිල් වගේ පාට වලින් ඉන්න මේ මාලුවන් Osphoronemidae කියන පවුලට තමයි අයිති වෙන්නේ. කොහොම වුනත් ශාක කොටස් කැමට ගන්න මෙයාලා සර්වභක්ෂකයෙක් කියලා හඳුන්වනවා වගේම 6 cm විතර ලොකු වෙනවා.  ඉන්දියාව පකිස්තානය කියන රටවල් තමයි මෙයාලගේ නිජබිම හැටියට හැඳින්වෙන්නේ. අද වෙලඳපලේ හොඳ තැනක් දිනාගෙන ඉන්න මාලුවෙක් තමා මේ ඩෝෆ් ගුරාමි.


ඩෝෆ් ගුරාමි පවුලේ කිහිප දෙනෙක්.



Prarl Gourami


Macropodus Ocellatus, Chaetodon Chinensis, Macropodus Chinensis කියන නම් තුනෙන්ම හඳුන්වනවා මෙයාලව..


Three Spot Gourami

Monday, January 2, 2012

එචිනෝඩොරස් මාර්ට් (Ecbinodorus martii)



දකුණු ඇමරිකාවෙන් ගෙන්වා, අද වෙනකොට ලංකාව ඇතුලතත් බෝ කරන ගස් වර්ගයක් තමා මේ එචිනෝඩොරස් මාර්ට් කියන්නේ. මේ ගහක කොලයක පළල 15 - 20 cm ද උස 30 -40 cm විතරද, සාමානයෙන්   අගල් 20 ක් පමනද උස්ව වැඩෙනවා. Alismataceae කියන කුලයට තමයි මේ ගස් වර්ගය අයිති වෙන්නේ. pH 5.5 - 8 වගේ අගයකදි වගේම සෙ.අ 28 උෂ්ණත්වය සමගම මද ආලෝකය දිමට ඔබට හැකිනම් මේ ගස් වර්ගය වවා ගන්න එක ගොඩක් ලෙහෙසි වැඩක්. විශාල ප්‍රමානයේ ටැංකි වල මැද හා පසු කොටස සැරසීමට ගන්න මේ ගස් වර්ගය ඩිස්කස් මසුන් බෝ කිරීමේදීත් වැඩිපුරවම පාවිච්චි කරන ගස් වර්ගයක්.





Sunday, January 1, 2012

ස්පොටඩ් ගා (Spotted Gar)







ඇමරිකානු කලාපයේ ඊරි මිචිගන් වගේ විශාල ගංගා වල ස්වාභාවිකවම ජීවත් වීමට උරුමකම් කියන මේ ස්පොටඩ් ගා (Spotted gar - Lepisosteus platostomus). මේ මාලුවන් Lepisosteidae කියන කුලයට  තමා අයති වෙන්නේ. ඒ ප්‍රදේශ වල කිවුල් දිය තටාක වලත් දැකගන්න පුලුවන් මාලුවෙක්.


දුඹුරු පාට ඇගකට උරුමකම් කියන මෙයාගේ දිග හොම්බක් විදිහට කට පිහිටලා තියන එක නම් ඇත්තටම විශේෂ දෙයක්. මාංස භකෂක ජීවන රටාවක් ගෙවන මේ මාලුවන් විලෝපික මතස්‍ය ගනයට තමා අයිති වෙන්නේ. ඒ හේතුව නිසාම මෙයාලට කොටියෙකුගේ සමට සමාන දරුනු ස්වරූපයක් ලැබිලා තියනවා කියලයි මටනම් හිතෙන්නේ. විතර ලොකු වෙන මෙයාලා අද වෙළඳපලේ වටිනාකම (අගල් 4.5 විතර මාලුවක්) රුපියල් 1500 ත් 2500 අතර මුදලක් වෙනවා.


අද වෙළඳපලේ සමහර විසිතුරු මත්ස්‍ය අලවිකරුවන් මෙ මාලුවාට ඇලිගේටර් ගා කියලත් කියනවා ඒ වුනත් මේ ඇලිගේටර් ගා  කියන මාලුවා ඉතා විශාල වෙන නිසා මම දන්නා තරමින්නම් අපේ රටේනම් විකිනිමට නැහැ. මේ ඉන්නේ ඇලිගේටර් ගා කෙනක් ඔයලම හිතලා බලන්නකෝ මේ වගේ මාලුවක් අපි කොහොමද ඇති කරන්නේ කියලා.




මේ ඉන්නේ මිනිසෙක් එක්ක මැරුනු ඇලිගේටර් ගා මාලුවෙක්.






Lepisosteidae කියන කුලයට අයත් තවත් ජනප්‍රිය මලු වර්ග ටිකක් තමා මේ.




ලෝන්ග්නෝස් ගා (Longnose gar - Lepisosteus osseus)


ෂෝට්නෝස් ගා (Shortnose gar - Lepisosteus platostomus)


ටොපිකල් ගා (Topical gar - Atractosteustropicus)