Tuesday, September 6, 2011

මොලී (molly)


මැක්සිකෝවේ ගංගා, ඇළ, දොළ වගේම කලපුත් නිජබිම කරගෙන ඉන්නා මෙයාලා (Common molly = Ppoecilia sphenops) පැටවුන් බිහිකරන මාළු ජාතියක්. සාමානයෙන් මෙයාලා ස්වාභාවික පරිසරයෙදිනම් (Wild type) කළු තිත් වැටුන අදුරු රිදී පාටින් ඉන්නවා.

 

මෙයාලා පොයෙසිලියා ගනයේම වෙනත් මාළුවන් එක්ක දෙමුහුන් කරන්න පුළුවන් නිසා අද market  එකේ පාට ගොඩකින් මෙයාලා අපට හොයා ගන්න පුළුවන්. ඇත්තම කියනවනම් අද market  එකේ රත්‍රන් පාටිනුත් මෙයාලා අපිට හොයා ගන්න පුළුවන්.
මෙයාලා අද මාළු ඇති කරන්නන් අතර ගොඩක් ජනප්‍රිය මාළු වර්ගයක් වෙලා තියනවා, මේ අයගෙනුත් සේල් ෆීන් මොලී (Sailfin molly = Poecilia latipinna) ඉතාමත් ජනප්‍රිය වෙලා තියනවා.



1 comment: