Monday, September 5, 2011

කොහොමද අපි ගෙදරදීම "සිමෙන්ති ටැංකියක්" (cement tank) හදා ගන්නේ?

ඔයාලා දැන් හිතනවා නේද මේක අපිට තනියම කරගන්න අමාරු දෙයක් කියලා, එහම හිතුවනම් ඔයාලා වැරදි. මේක හරිම ලෙහෙසි දෙයක්,අපිට ඕන වෙන්නේ සිමෙන්ති, වැලි, වතුර, අපට ඕන ගන්නට රීප්ප කෑලි, ඇණ ටිකකක් සහ ලණු කෑල්ලක් විතරයි.
අපි මුලින්ම ටැංකිය හදා ගන්න සිමෙන්ති ලෑලි හදා ගන්න ඕනේ, ඊට කාලින් අපි ඒ ලෑලි හදා ගන්න පොඩි අච්චුවක් හදා ගන්න වෙනවා. එකට තමා මම මම රීප්ප අරගත්තේ. මේ රීප්ප වලින් අපි "L" හැඩයට රීප්ප කෑලි දෙකක් තියල එක හෙල්ලෙන්නේ නැති වෙන්න ඇණ ගහ ගන්න ඕනේ. අපි මේ විදිහට "L" අකුර හැඩයේ කෑලි දෙකක් හදා ගන්න වෙනවා. දැන් ඔයාලට ඒ දෙක එකතු කරලා කොටුවක්‍ විදිහට පොඩි අච්චුවක් හදා ගන්න පුළුවන් නේද? ඒත් දැන් ඔයාලට හිතෙයි අපිට එක පාරම කොටුවක් හැඩයට මේ අච්චුව හදා ගන්න පුළුවන් කම තිබුනනේ කියලා. මම එහෙම නොකලේ අපි එහෙම කළානම්  සිමෙන්ති වලින් මේ අච්චුව ගලවන්න අමාරු වෙන්නවම. දෙන් අපේ අච්චුවනම් හරි. මිකගට ඕනේ අපේ සිමෙන්ති මිශ්‍රණය.
දැන් අපි සිමෙන්ති ලෑලි හදා ගන්න හදන්නේ, මුලින්ම මේකට අපිට සමතලා මතුපිටක් ඕන වෙනවා. එක උඩින් පත්තර කොලයක් තියල එක උඩින් අපි හදා ගත්ත රීප්ප අච්චුව කොටුවක් විදිහට තියාගන්න. අපි මේ පත්තර කොලය පාවිච්චි කලේ මේ සිමෙන්ති ලෑලි වෙලුනහම අපිට එක උස්සල ගන්න ලේසි වෙන්න.දැන් ඒ අච්චුව ඇතුලට සිමෙන්ති දමා හොදින් සිමෙන්ති හැන්දෙන් සමතලා කර ගන්න. විනාඩි දහයකින් විතර අච්චුචුව පරිස්සමට දෙපෙත්තෙන් ඇදලා වෙන කර ගන්න. අපි "L" හැඩයට මේ අච්චුව හදා ගත්ත නිසා අපිට පරිස්සමට මේ අච්චුව ගලව ගන්න ලේසි වෙනවා මේ විදිහට තවත් සිමෙන්ති ලෑලි තුනක් හදා ගන්න. අපට කැමතිනම් එක පැත්තකට විදිරුවක් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ හදා ගත්ත සිමෙන්ති ලෑලි දවස දෙක තුනක් හොදින් වේලෙන්න දෙන්න, දවස් තුනක් විතර ගියාට පස්සේ ඔයාලට ලේසියෙන්ම මේ සිමෙන්ති ලෑලි උස්සල ගන්න පුලුවන්. ඊට පස්සේ නැවත සමතලා මතුපිටක පත්තර කොලයක් එලා ඒ මත අපි හදා ගත්ත සිමෙන්ති ලෑලි හතර ටැංකියක් විදිහට තියල තද වෙන්න වටේට ලණුවකින් ගෙට ගහ ගන්න. පස්සේ අපි මුලින් අච්චු වලට සිමෙන්ති දැම්මා වගේම ටැංකිය ඇතුලටත් සිමෙන්ති දමා හොදින් සමතලා කර ගන්න. ඊට පස්සේ ටැංකියේ මුලු වලටත් හොදින් සිමෙන්ති දමා ඒ සිමෙන්ති ලෑලි හොදින් සවි වෙන්න තියන්න, මේක ඔයාලට සිමෙන්ති එක්ක වතුර එකතු කර (කොලොප්පු) හදාගන්නා මිශ්‍රණයෙන් කරන්න. තව දවසක් විතර වේලෙන්න තියල ඔයාලට ටැංකියට කොලොප්පු ගාන්න පුලුවන්නම් ඔයාලගේ ගෙදර ඉදන් හදා ගත්ත සිමෙන්ති ටැංකිය ගොඩක් සාර්ථක වේවි.
දවසකින් පමණ හොදින් වේලෙන්න තියල වතුර පුරවන්න. හොදට මතක තියාගන්න වතුර leak  වෙන්නේ නැ කියලා එදාම ටැංකියට මාළු එහම දන්නා එපා, සිමෙන්ති සැර නිසා මාළු මැරෙන්න පුලුවන්. එක නිසා දවස් දෙක තුනක් හොදින් වතුර පල් වෙන්න තියන්න. පුලුවන්නම් එය වතුරට පොල් ලෙලි දෙක තුනක් දන්න, දවස් තුනක් විතර යනකොට ඒ පල් උන වතුරේ පොඩි මදුරු පණුවන් බෝ වෙලා ඉදිවී. එකෙන් කියන්නේ ටැංකියේ සිමෙන්ති සැර නැ කියන එක. ඔයාට දැන් ටැංකියට මාළු දන්න පුලුවන්.



No comments:

Post a Comment