Tuesday, September 6, 2011

ස්වොර්ඩ් ටේල්ස් (Sword tails)



මෙයාලගේ නිජබිම තමා ඇමරිකාවේ මැක්සිකොවේ ඉදල හොරන්ඩුරාස් කියන හරිය දක්වා තියන දිය කති, දිය අගල්. ඔයාල දන්නවද මෙයාලගේ පිටිපස්සේ වරල මේ තරමටම දිග වෙන්නන හේතුව. පරිනමවාදීන් නම් කියන්නේ පායන කාලයට එය කියන්නේ වියලි කාලයට මෙයාල ඉන්න දිය කඩිති. වලවල් හිදිගෙන යනකොට මෙයාල තමන්ගේ පිටිපස්ස වරල පාවිච්චි කරලා වෙනත් වතුර තියන තැනකට පැන පැන යන්න පුරුදු වෙලා හිටිය නිසා, කාලයත් එක්කම එයාලගේ පිටිපස්ස පැත්තේ ඇති වරලෙන්, ඒ කියන්නේ තමන්ගේ නැට්ටේ කොටසක්‌ අසාමාන්‍ය විදිහට දික් උනා කියල තමා පරිණාම වාදීන් කියන්නේ. මේ විදිහට දික් වූන වරල අසිපතක් (Sword) විදිහට පේන නිසා අදටත් මෙයාලට ස්වොර්ඩ් ටේල්ස්  (Sword tails =  Xiphophorus hellerii) කියල හදුන් වන්නේ. මේ මාළුවන්ගේ පිරිමි සතාගේ කඩුවක් විදිහට වරලක් තිබුනත් ගැහැණු සතාගේ වලිගයේ ඒ වාගේ වරලක් නැත. සාමානයෙන් මෙයාලගේ වර්ගයේ පිරිමි සතෙක් 7 cm විතර දිග උනත් ගැහැණු සතෙක් 4 cm  විතර වෙනවා.
මෙයාලත් ඉක්මනින් බෝ වෙන නිසා ඔයාලටත් ගෙදර තියන පුංචි මාළු ටැංකියක ඇති කරන්න වගේම බෝ කරගන්නත් පුළුවන්.  


No comments:

Post a Comment