Wednesday, September 7, 2011

එන්ජල් (Angel fish)





මාළු ඇති කරන අයගේ තවත් ජනප්‍රියම මළුවෙක් තමා එන්ජල් (Angels / Aagel fish) මාළුවා. මෙයාලගේ නිජබිම විදිහට කියන්නේ දකුණු ඇමරිකාවේ ඇමසන් ගංගාවත් ඒ අතු ගංගාවලුත්. මෙයාල ට්රෝෆිලම් (Pterophyllum) කියන වර්ගයට අයිති වෙනවා වගේම හැඩය පැතලි නිසාත් වරල් වල දිගටි හැඩයත් නිසා මෙයාලා සරුංගලයක් වගේ පෙනෙනවා.
      මෙ‍ අයගේ තියන විශේෂම පුරුද්දක් වෙන්නේ එයාලා ජිවිත කාලයටම එකම ජෝඩුවක්‌ (monogamous pair) විදිහට ඉන්න එක. මෙයාල තමන්ගේ පැටවුනට හොද මවුපිය රැකවරණයක් දෙනවා වගේම වර්ග ගොඩකිනුත් ඉන්නවා. ඔරිනෝකෝ එන්ජල් (Orinoco Angels = Pterophyllum altum), ඩොෆ් එන්ජල් (Dwarf Angel = Pterophyllum leopoldi) සාමාන්‍ය එන්ජල් (Angelfish = Pterophyllum scalare) මේ වෙනකොට ගොඩක් ජනප්‍රිය වෙලා තියනව.



No comments:

Post a Comment