Monday, September 5, 2011

ගප්පි (guppy)


ලෝකයෙන්ම සිටින අතිශය ජනප්‍රියම මාළු වර්ගය කියන්නත් පුලුවන් මෙයාලා, මෙයාලට ගප්පි කියන නම ප්‍රසිද්ධ උනත් (Millionfish) කියලත් හදුන්වනවා.මෙයාලගේ පිරිමි සත්තුන්ගේ දිග වරල් නිසා පිරිමි සතුන්ට හොද ඉල්ලුමක් තියවා. ඉස්සෙල්ලම මේ මාළුවා හොයාගෙන තියෙන්නේ 1866 දී කැරබියන් දුපත්වල ට්‍රිනිඩෑඩ් වල පදිංචි වෙලා හිටිය "R.J.L. ගප්පි" කියල කෙනෙක්. එයාට ගොර්වයක් විදිහට තමා මෙයාලට "ගප්පි" කියන නම දල තියෙන්නේ. ඒ කාලයේදී මෙයාට (Girardinus guppii) කියන විද්‍යාත්මක නමින් තමා හදුන්වල තියෙන්නේ. ඒත් දැන් මේ මාළුවට (Poecila reticulata) කියන විද්‍යාත්මක නම තමා පාවිච්චි කරන්නේ. මෙයාලගේ නිජබිම තායිලන්තය, බ්‍රසිලය, වෙනිසියුලාව, නෙදර්ලත්නය වාගේ රටවල්. ඒ උනත් දැනට ඇන්ටාක්‌ටිකාව හැරෙන්නට අනෙත් සියලුම රටවල් වල මෙයාල ජනප්‍රිය වෙලා. එකට වැදගත්ම හේතුව තමා මැලේරියා වසංගතය බෝ කරන (Anopheles)  කියන මදුරුවා පාලනය කරන්න මෙයාලා පාවිච්චි කරලා තියනවා. දැන් ඔයාලා හිතනවා නේද මාළුවෙක් කොහොමද මැලේරියාව පාලනය කරන්නේ කියලා. ඇත්තටම කියනවනම් මෙයාලා හරිම කැමති මදුරු පණුවන්ට. මදුරු පණුවන් බෝ වෙන තැන් වල මෙයාල බෝ වෙන්න ඇරලා තමා මේ වසංගතය පාලනය කරන්න මෙයාලගෙන් උදව් අරගෙන තියෙන්නේ. ඔයාලා දැකල තියනව නේද ලංකාවෙත් සමහර කානු වල ගප්පි බෝ වෙලා ඉන්නවා. ලංකාවටත් 1940 ගණන් වලදී මෙයාල ගෙනල්ල කානු වල බෝ වෙන්න දාල තියනවා. මෙන්න මේ බෝ වෙන්න දාපු අය තමා අදටත් ඔයාලා කානු වල දකින්නේ.
මෙයාල බෝ වෙන්නේ බිත්තර වෙනුවට පැටවුන්ගෙන්, එය වගේම එයාලගේ බෝ වීම ඉතාමත් ඉක්මනින් වෙනවා, තවත් මෙයාලගේ විශේෂයක් වෙන්නේ මෙයාලට කර්කශ පරිසරයක හෝදින් ජිවත් වෙන්නට හැකියාවක් තියනවා. උදාහරණයක්‌ විදිහට මුහුදු වතුර වාගේ 150% ලවනතාවයක් (45ppt) තියන වතුරෙත් ඉන්න පුලුවන්. ගප්පි මාළුවා උපරිම දිග 5 cm විතර වෙනවා. පිරිමි මාළුවට වර්ණවත් දිග වල්ගයක් තිබුනත් ගැහැණු මාළුවාට අදුරු පාටට හුරු කොට වරල් තියනවා. මෙයාලගේ ජිවිත කාලය අවුරුදු 1 ත් 1 1/2 ත් අතර වෙනවා වගේම වර්ග අඩියකට පිරිමි මාළුවන් විතරක් 8 ක්‌ ද  ගැහැණු මාළුන් 10 විතරද දන්නා පුළුවන්. මාළු බෝ කරන අයගේ හොද තැනක් අරගෙන ඉන්න මෙයාලා දෙමුහුන් ප්‍රතිපලත් තවත් තාක්ෂණික ක්‍රම නිසාත් ඉතාමත් ලස්සන ගප්පි වර්ග අද market එකේ අපිට හොයාගන්න පුලුවන්.
ශ්‍රී ලංකාවේදී මෙයාලා බෝ කරලා ජපානය, ඇමරිකාව, ජර්මනිය, ඉතාලිය වගේ රටවල් වලට වැඩිපුරම අපනයනය කරලා විදේශ විනිමය ගෙනෙනෙ ප්‍රධානම මාළු වර්ගයත් මෙයාලම වෙලා තියනවා.



No comments:

Post a Comment