Monday, September 5, 2011

කොහොමද අපි ටැංකියට මාළු තෝරා ගන්නේ?

ඇත්තටම අපි කොහොමද ටැංකියට මාළු තෝරා ගන්නේ? සමහර වෙලාවට අපි මේ ගැන හිතුවේ නැති උනාට 1 හොදට හිතල කරන්න ඕන දෙයක්. අපි ටැංකියට මාළු තෝරා ගන්නකොට ගොඩක් වෙලාවට එකම වර්ගයේ මාළුවන් විතරක් දානවනම් අපිට එය ඒ තරම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැ. ඒත් සමහර වේලාවන් වලට එහම නොවෙන්න බැරිකමකුත් නැ, උදාහරණයකට Mail fighter මාළු දෙන්නෙක් එකම ටැංකියක ඇති කරන එක හරිම අමාරු වැඩක්. මොකද එයාලගේ පිරිමි සත්තු දෙන්නෙක් එකට ඇති කරන්න බැරී නිසා, ඒත් හොද වෙලාවට ගොඩක් මාළු වර්ග තමන්ගේ වර්ගයේම මාළු එක්ක කොට ගන්නේ නැතුව හොදින් ඉන්නවා.
සාමානයෙන් සුරතලයට මාළු ඇති කරන කෙනෙක් එකම ටැංකියක මාළු වර්ග ගොඩක් ඇති කරනවා. එය වෙලාවට ඒ ටැංකියේ මාළුන්ගේ හැසිරීම එය තරම් දරුණු නැතත් අපි නොදෙනුවත්වම අපිට පාඩු සිද්ද වෙන වෙලාවල් තියනවා. අපි සාමානයෙන් "ගප්පි" (Guppy), "මොලී" (Molly) වගේ මාළුවන් එක්ක "කාප්‍"  (Carp), "ගෝල්ඩ් ෆිෂ් " (Gold fish) වගේ මාළුන් ඇති කරනවා. ඒත් ඔයාලා දන්නවද ගප්පි, මොලී කියන්නේ පැටවුන් බිහි කරන මාළු වර්ග (Live  bearers). අපි නොදෙනුවත්වම වාගේ එයාල පැටවුන් බිහි කරනවා. ඒත් ටැංකිය ලස්සන කරන්න අපි දාල තියන ගස් අස්සේ පොඩි පැටවුන් හැංගිලා ඉන්නවා, ඒත් ගෝල්ඩ් ෆිෂ්, කාප්‍ වගේ මාළුවන් මේ පොඩි පැටවුන් ගිල දානවා. සමහර වෙලාවට පැටවුන් දෙතුන් දෙනෙක් ඉතුරු වෙනවා, ඒත් අපි නොදෙනුවත්වම අපිට බෝ කරගන්න පුලුවන් කම තිබුණ  මාළු පැටවුන් ටිකක් නැති වෙනවා නේද අපිට. එම නිසා අපි හොදින් කල්පනා කර ටැංකියට මාළු දමනවානම් අපිට සතුට වගේම අපේ මාළු ටිකත් බෝ කර ගන්න පුලුවන් නේද?  



No comments:

Post a Comment