ඇමරිකානු කලාපයේ ඊරි මිචිගන් වගේ විශාල ගංගා වල ස්වාභාවිකවම ජීවත් වීමට උරුමකම් කියන මේ ස්පොටඩ් ගා (Spotted gar - Lepisosteus platostomus). මේ මාලුවන් Lepisosteidae කියන කුලයට තමා අයති වෙන්නේ. ඒ ප්‍රදේශ වල කිවුල් දිය තටාක වලත් දැකගන්න පුලුවන් මාලුවෙක්.
දුඹුරු පාට ඇගකට උරුමකම් කියන මෙයාගේ දිග හොම්බක් විදිහට කට පිහිටලා තියන එක නම් ඇත්තටම විශේෂ දෙයක්. මාංස භකෂක ජීවන රටාවක් ගෙවන මේ මාලුවන් විලෝපික මතස්‍ය ගනයට තමා අයිති වෙන්නේ. ඒ හේතුව නිසාම මෙයාලට කොටියෙකුගේ සමට සමාන දරුනු ස්වරූපයක් ලැබිලා තියනවා කියලයි මටනම් හිතෙන්නේ. විතර ලොකු වෙන මෙයාලා අද වෙළඳපලේ වටිනාකම (අගල් 4.5 විතර මාලුවක්) රුපියල් 1500 ත් 2500 අතර මුදලක් වෙනවා.
අද වෙළඳපලේ සමහර විසිතුරු මත්ස්‍ය අලවිකරුවන් මෙ මාලුවාට ඇලිගේටර් ගා කියලත් කියනවා ඒ වුනත් මේ ඇලිගේටර් ගා කියන මාලුවා ඉතා විශාල වෙන නිසා මම දන්නා තරමින්නම් අපේ රටේනම් විකිනිමට නැහැ. මේ ඉන්නේ ඇලිගේටර් ගා කෙනක් ඔයලම හිතලා බලන්නකෝ මේ වගේ මාලුවක් අපි කොහොමද ඇති කරන්නේ කියලා.
මේ ඉන්නේ මිනිසෙක් එක්ක මැරුනු ඇලිගේටර් ගා මාලුවෙක්.
Lepisosteidae කියන කුලයට අයත් තවත් ජනප්‍රිය මලු වර්ග ටිකක් තමා මේ.
ලෝන්ග්නෝස් ගා (Longnose gar - Lepisosteus osseus)
ෂෝට්නෝස් ගා (Shortnose gar - Lepisosteus platostomus)
ටොපිකල් ගා (Topical gar - Atractosteustropicus)
No comments:
Post a Comment